කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ අතර ධාවනය වන මාර්ග අංක 187 සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
ඒ හේතුවෙන් කටුනායක තොටුපොළ , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයට පැමිණෙන මගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ .
වාර්තා වන ආකාරයට මීට වසර 06 කට පමණ විසඳා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් වැරදි තොරතුරු ඉදිරිපත් කර යළි මතු කිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර තිබෙන අතර
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ලසන්ත අලගියවන්න හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ .