ඊයේ (09) දින සවස් කාලයේ බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවත ප්‍රදේශයේදී මොරටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මරණකරු වයස අවුරුදු 57ක් වන නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































