ශ්‍රී ලංකාව තුළ පවතින නීතියට අනුකූලව කාන්තාවක හා පුරුෂයෙකු විවාහ වීම සාමාන්‍ය පිළිවෙතයි.නමුත් මෙයට පරිභාහිරව කාන්තාවක කාන්තාවක සමගත් පිරිමියෙකු පිරිමියෙකු සමගත් ජීවත් වීම අප රටේ නීතියට පටහැනි කාරණයකි.කෙසේ වෙතත් මෙලෙස සමලිංගිකයන් වශයෙන් හැසිරෙන පුද්ගලයන් අප සමාජයේ විශාල ලෙස සිටින බව ඇමරිකන් ශ්‍රී ලාංකිකයෙකු වූ අමිල සම්පත් මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ පිළිබඳව විවිධ කරුණු හෙලිදරව් කරන ලදි.
අමිල සමිපත් මහතා ප්‍රකාශ කර සිටින්නේ ව්වෘත වශයෙන්ම තමා සමලිංගිකයෙකු බවත් තමාට ද්වි ලිංගිකයෙකු පිළිබඳව කිසිම හැගීමක් නොමැති බවත් සමලිංගිකත්වය යනු සාමාන්‍ය පුද්ගලික අයිතිවාසිකමක් බවත්ය .
එමෙන්ම සමලිංගිකයෙකු වුවත් ඔවුන්ටද අනිත් අයට හිමි අයිතිවාසිකම් එලෙසම හිමි විය යුතු බවත් සමාජයෙන් කොන් කර පසෙකට නොදැමිය යුතු බවත් අමිල සම්පත් මහතා සදහන් කරයි.
එමෙන්ම ඕනෑම ආයතනයක,පාසලක හෝ වේවා ඕනෑම තැනක සමලිංගිකයන් 10% -12% අතර ප්‍රමාණයක් සිට්න බවට සමීක්ෂණයක් මගින් කරුණු හෙලිදරව් වී ඇති බවත් කිසිම විටක සමරිසි පුද්ගලයකු ද්වි ලිංගික පුද්ගලයකු විවාහ කර ඔවුන්ව අසහනකාරී පුද්ගලයකු බවට පත් නොකල යුතු බවත් අමිල සම්පත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මොහු අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටින්නේ සමලිංගිකයන්ද සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් පිළිගත යුතු බවයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.













































