ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 මුදලක් පිරිනැමූ බවට වාර්තා වේ.
සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වන බව සදහන්.
එම ව්‍යාපෘති සදහා වන කොරියානු තාක්ෂණ සංවර්ධන ආයතනය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුමකට අද (31)පෙරවරුවේ අත්සන් තබා තිබේ.
මෙගාවෝට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිත බව සදහන්.