මේ වන විට රජයේ රෝහල් භාවිත කරනු ලබන ඖෂධ වර්ගවලින් 112ක හිගයක් පවතින බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද (27) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ලංකාවේ රෝහල්වල ඖෂධ 1,347ක් භාවිත කරන අතර ,එයින් වර්ග 150ක හිගතාවක් පැවති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව රු බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර, එය එක්සත් ජනපද ඩොලර් මිලියන 13.6ක අගයකි. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් වශයෙන් සලකා මුදල් අමාත්‍යාංශය 1%ක බජට් කට් එකක් ලෙස තවත් මිලියන 40ක පමණ මුලක් වෙන් කරලා තියෙනවා ඊට අමතරව.”














































