ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් , මේ වසරේ මුල් මාස 7 තුළ පමණක් රෝගීන් 864 දෙනෙක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් 161 ක් හමුව ඇති අතර එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 47 ක් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ, ලබන සතියේ සිට බස්නාහිර පළාත තුළ ලාදුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බවයි.














































