ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව සදහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස්ප් වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ .
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවට අමාත්‍යවරයා චෝදනා කරනු ලබයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදාගැනීම සහ නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිලිබඳ විගණකාධිපති වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බව එහි පිටපතක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ .
තවද ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමිව ඇති ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සහ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සඳහා දේශපාලන බලපෑමකින් තොරව පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත් , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පිළිවෙත අනුව සාමාජික රටවල පාලක මණ්ඩලත් දූෂණය පිටුදැකීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපියේ සඳහන් කර ඇති බව වාර්තා වේ .