යාපනය මුතූර් ප්‍රදේශයේ පිහිටි මධ්‍යම බෙහෙත් ශාලාවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරනු ලැබූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික කටයුතු නවතා ඇති බව වාර්තා වේ.
මෙම බෙහෙත් ශාලාවට ආසන්න ප්‍රදේශයක ශබ්ද විකාශන යන්ත්‍රයක් යොදා කිසියම් පිරිසක් විසින් විවිධ ශබ්දයන් නිකුත් කිරීමෙන් මධ්‍යම බෙහෙත් ශාලාවේ කටයුතු වලට බාධා එල්ල වී ඇත. පසුව වෛද්‍යවරයා විසින් එම ස්ථානයට ගොස් එම පුද්ගලයින්ට බාධා නොකරන ලෙසට දැනුම් දී තිබේ. අනතුරුව පසුගිය දා යම්කිසි පිරිසක් මෙම මධ්‍යම බෙහෙත් ශාලාවට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී පසුව වෛද්‍යවරයාට ද ජීවිත තර්ජනයක් ද එල්ල කළ බව සඳහන් කරයි.
මෙම සිද්ධිය හේතු කොටගෙන මධ්‍යම බෙහෙත් ශාලාවේ කාර්‍ය මණ්ඩලය ඇතුළු වෛද්‍යවරයා ප්‍රතිකාර කටයුතුවලින් ඉවත් වී ඒ සම්බන්ධව අච්චුවේලි පොලීසියට දැනුම් දී තිබේ. එමෙන්ම මෙම ගැටලුව විසදෙන තෙක් බෙහෙත් ශාලාවේ කටයුතු සිඳු නොකරන බව දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවත් කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවත් උතුරු පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































