සිය ජීවිත ආරක්ෂාවට මේ වන විට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ. දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ…”