මහරගම ශාන්ත මරියා රෝමානු කතෝලික දේවස්ථානයේ තිබූ රූපවාහිනි යන්ත්‍ර 4 ක් ඊයේ (14) කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බව වාර්තා වේ .
සොරා ගත් රූපවාහිනී යන්ත්‍රවල වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වන බව සඳහන් .
වාර්තා වන ආකාරයට දේවස්ථානයේ CCTV කැමරාවල සටහන්ව ඇත්තේ මෙම දේවස්ථානයේ දොරේ අගුල ඉවත් කර සොරුන් දෙදෙනෙක් දේවස්ථානයට ඇතුල් වී තිබෙන බවයි.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම දේවස්ථානයේ තිබූ පිං කැටය කඩා එහි තිබූ මුදල් ද , රූපවාහිනී යන්ත්‍ර දෙකක් ද සොරා ගෙන ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































