ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධ්පතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සදහා ඩොලර් බිලියන 03ක පමණ විස්තීරණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩ පිළිවෙල සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වන විට හිමිව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද හෝ හෙට (23) දිනය ඇතුළත මුදාහරින බවට ජාත්‍යන්තර අරමුදල ප්‍රකාශ කර ඇති අතර ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිත බවට වාර්තා වේ.













































