‘අස්වැසුම’ සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනිම සදහා බැංකු ගිණුම් ආරම්භ කිරිමට විශාල පිරිසක් අද (19) දින පැමිණීමත් සමග බැංකු ශාඛා තුල දැඩි තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
අද (19) දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ පිරි නැමිම සදහා රාජ්‍ය බැංකුවක ගිණුම් ආරම්භ කිරිමට අදාල ප්‍රතිලාභින්ට ලිඛිතව දැනුම්දිමත් සමග එම ප්‍රතිලාභින් තම බැංකු ගිණුම් ආරම්භ කිරිමට පැමිණීමත් සමග එම ප්‍රතිලාභින් තම වාරය පැමිණෙන තෙක් දිගු පෝලිම්වල රැදි සිටින අයුරු දැකගන්නට ලැබුණු බව සදහන්.














































