හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇති බව වාර්තා වේ.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශය විසින් කරන ලද දැනුම්දීමක් අනුව හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම විහාරස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ පැමිණිලිකාර හිමිනම පමණක් යයි පොලීසිය පවසයි.














































