ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (19) දසුන් ශානක නායකත්වය දරණ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ වනිදු හසරංග නායකත්වය දරණ බී-ලව් කැන්ඩි කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
අවසන් මහා තරගය සඳහා මේ වන විට දඹුල්ල අවුරා කණ්ඩායම සුදුසුකම් ලබා අවසන් වන අතර අවසන් මහා තරගය ලබන 20 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ .













































