ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (17) ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
අවසන් පූර්ව වටයේ පළමු තරගය ගාල්ල ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වන බව සදහන්.
අවසන් පූර්ව වටයේ දෙවන තරගය බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත බව සදහන්.
ඒ අනුව මෙම තරග දෙකම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.