එල්.ටී.ටී. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු නොරොච්චෝලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
සැකකරු වාකරේ කදිරවේලි ,පුලච්චන්කේනි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වන අතර පුත්තලම – දළුව ,නිර්මල පුර ප්‍රදේශයේ මා දැල් වාඩියක රැදී සිට ඇත. සැකකරු සතුව ජාතික හැදුනුම්පතක් හෝ නොතිබූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු එල්.ටී.ටී.සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බවත් සති දෙකක කාලයක් එල්.ටී.ටී.ඊ.යුද පුහුණුව ලබා ඇති බවත් අනාවරණය වී තිබේ.
















































