- මහානායක තනතුරු වල ගෞරවය ලබන්න ඒ හා අදාළ වගකීම් ඉටු කළ යුතුයි – අද ඒක වෙන්නේ නෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි.
- මහානායක ධූරවල වගකීම ඉටුවෙන්නේ නෑ – වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව – ඕමල්පේ සෝභිත හිමි.
මහානායක තනතුරුවල ගෞරවය ලැබීමට නම් ඒවා දරණ භික්ෂූන් වහන්සේ ඊට අදාළ වගකීම් ඉෂ්ඨ කළ යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.
අන්තර්ජාලය නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දී තිබෙන්නේ ශාසනය කිරීම එය විනාශ කිරීමට විවිධ බලවේග නිර්මාණය වී ඇති මොහොතක මහ නායක හිමිවරුන් උපේක්ෂා සහගත ව සිටීමෙන් ඵලක් නොවන බවයි.
බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කල යුතු සහ රාජ්‍ය පාලකයින්ට උපදෙස් ලබා දිය යුතු මහ නායක හිමිවරුන් නිහඬ නම් අදාළ වගකීම පැවරී ඇති රාජ්‍ය පාලකයින් සහ පුද්ගලයින් නිහඬ නම් තමන් වහන්සේට පැවසීමට ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව යනුවෙන් පමණක් බවද උන්වන්සේ මෙහි දී සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,














































