මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) දින සිදු කළ බවට වාර්තා වේ.
එහිදී මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේ සහ වළාකුළු බැම්ම ප්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැව මධ්‍යයේ ඉදිකෙරුණු අඩි 102ක් උස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීම සිදු කළ බව සදහන්.
ඉන් අනතුරුව මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණි.
එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාඥයින් එක්ව සිටියහ.













































