තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වූ නව පනත මෙම වර්ෂය අවසාන වීමට මත්තෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ” ස්ථාවර රටකට – සැවොම එක මඟකට ” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝදනය කිරීමට පියවර ගත් අතර මේ වන විට ඉන් 80% ක් පමණ අවසන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
” අපි බලාපොරොත්තු වෙනවා අලුත් තැපැල් පනත මේ වර්ෂය තුළ ඉදිරිපත් කරලා සම්මත කරගෙන ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්න. අද පාඩු ලබන ආයතනවලින් එකක් තමා තැපැල් දෙපාර්තමේන්තුව. පසුගිය වසරේ 31 වනදා වනවිට ආදායම මිලියන 7,000යි. වියදම මිලියන 14,000යි. පාඩුව මිලියන 7000ක පාඩුව පියවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අපිට උපදෙස් ලබාදුන්නා. එතකොට පාඩුව මිලියන 4,000 දක්වා අඩුකරන්න මේ වර්ෂය වනවිටත් 2024 දෙසැම්බර් වනවිට ලාභය හා අලාභය සමපාත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”