- සැකකරුවෙකුට ඇප දෙන්න කියා මෛත්‍රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – පර්යේෂණ වාර්තා සඟවලා.
2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රත්නපුර , කහවත්ත ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතාට ඇප ලබාදෙන ලෙස පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට අගවිනිසුරු ධුරය දැරූ කේ. ශ්‍රීපවන් මහතාට දුරකථනය ඔස්සේ බලපෑම් කිරීමේ සිදුවීමක් පිළිබඳ මේ වන විට කරුණු අනාවරණය වී තිබේ .
ඒ අදාළ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නැයි එවක කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කරමින් පොලිස් රජකාරියට බාධා කිරීමේ වරද සම්බන්ධයෙන් එවකට රත්නපුර ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ ලලිත් ජයසිංහ මහතාට අධිකරණය මගින් වසර පහක සිර දඩුවමක් නියම කිරීමෙන් පසුව වීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා අමතා බලපෑම් කිරීමේ සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට පර්යේෂණයක් ද සිදු කර ඇති අතර කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂණ වාර්තා සඟවා ඇති බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් මෙරට ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.
අදාළ වීඩියෝව පහතින් ,