විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමාගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
කලින් මුදල් ලැබෙන නිසා ඒ ක්‍රමවේදය විදුලිබල මණ්ඩලයටත් හොඳ බවට ලොකුගේ මහතා සඳහන් කරයි.
පුංචිම මිනිහගේ සිට ඉහළම මිනිහා දක්වා මෙම විදුලි බිල ප්‍රශ්නය තිබෙන්නේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.














































