පසුගිය පළමුවැනිදා මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිදුවීමේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 180 ක් ද සොයාගත් සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
එමෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කවී නැමැත්තාගේ ගෝලයකු ලෙස සැකකරු කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.














































