මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්‍යංශය කළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ .
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගයුම් හා නියාමන අංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසූයේ
මෙම සමීක්ෂණය අනුව මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි.
මේ වසරේ දී අඩු බර සහිත දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
පසුගිය වසරේ සියයට 15.3 ක් ලෙස පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ සියයට 17 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව බර අඩු මව්වරුන්ගේ සහ රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පසුගිය වසරේ සියයට 14.5 ක මට්ටමක පැවැති අඩුබර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ සියයට 15ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.














































