අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාර්ගවල ගමනාගමන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .
පොලීසිය සඳහන් කරන්නේ අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගය පරදූව ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල විය හැකි බවත් , ඒ හේතුවෙන් විකල්ප මාර්ගයක් ලෙස අකුරැස්ස – හොරගොඩ හරහා මාතර මාර්ගය භාවිතා කරන ලෙසත් ය.
එමෙන්ම අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය ද පානදුගම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති බවත් , අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගයද අකුරැස්ස – මාකඳුර මාර්ගය ද ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත් ය.














































