අහංගම පොලිස් පොලිස් ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පෙරේදා (22) සිදු කරන ලද මෙහෙයුමකදී යම් කිසි පිරිසක් ඔවුන්ට දැඩි ලෙස පහරදී තිබෙන අතර පොලිස් ජීප් රථයටද හානි සිදු කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කරයි.
හොර මත්පැන් අත්අඩංගුවට ගැනීමකට යාමේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර තිබේ. එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් තම විරෝධය පා තිබේ. ඒත් සමගම තවත් පිරිසක් එකතුව මෙම පහරදීම සිදුකර තිබේ.
මෙහිදී පොලිස් පරීක්ෂක චන්දන නැමැති අයෙකු බරපතළ තුවාල සහිතව කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
එසේම මෙම පහරදීමට සම්බන්ධ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සදහන් කරයි.
මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයාටද පහරදී තිබෙන බවට වෙනත් ආරංචි මාර්ග සදහන් කරන නමුත් පොලිස් මූලස්ථානය එය තහවුරු නොකරයි.
.














































