සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සිදු කරන විරෝධතා තීව්‍ර කිරීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ,
“අපේ තියෙන වෘත්තීය සමිති ගණනාවක නායකත්ව මට්ටමේ ඉන්න සමාජිකයින් ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලුවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ පණිවුඩය තමා තාමත් රජය විශ්වාස කරනවා නම් , වෘත්තීකයින් විදියට මේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරලා , අපේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව , කාපට් අස්සට දාලා මේ ප්‍රශ්නය වහලා දාන්න ඒකට මේ රටේ වෘත්තීයවේදීන් ඉඩදෙන්නේ නෑ. ඒ අපේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරන්න පාලකයින් උත්සාහ කළොත් එයට අවශ්‍ය නිසි උත්තර මේ වෙලාවේ දෙන්න අපි තීරණය කරලා තියෙනවා. සැප්තැම්බර් 14 වනදා IMF කණ්ඩායම එද්දි අපේ මේ විරෝධතා ක්‍රියාවලිය උපරිම තැනකට ගෙනියන්න.”














































