සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවරට රැස්වූ දහස් ගණනකට අධික ජනතාවක් විරෝධතාවල නිරත වන බවට වාර්තා වේ.
ඒ, සමූහ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් 18 දෙනෙකු මියයාමේ සිද්ධියක් පදනම් කරගනිමින් වුවත්
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා පවත්වන බවයි.
දිනෙන් දින සර්බියාවේ වර්ධනය වන ප්‍රචන්ඩකාරී තත්ත්වය පාලනය කිරීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.















































