කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව එළඹටු විශේෂ දෙකක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.
මැණිකේ සහ ටිකිරා ලෙස නම් කර ඇති මෙම එළඹටු විශේෂ හදුන්වා දී ඇත්තේ ගිරාදුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය විසිනි.
වැඩි අස්වැන්නක් ලබාගත හැකි මෙම එළඹටු විශේෂ මේ වන විටත් ගොවීන් සදහා ලබාදීමට කටයුතු කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.