අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවට කායික රෝග විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔවුන් පෙන්වාදෙන්නේ පසුගිය 2021 වසරේ සිට ක්‍රමානුකූලව මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බවයි.
ඉන් ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් ද වාර්තා වන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
ඇතැම් රෝහල්වලට මාසිකව හෘදයාබාධ වැළඳුණු රෝගීන් 10ත් 15ත් අතර පිරිසක් පැමිණෙන බව සඳහන්.
ඔවුන්ගෙන් 90%ක් පමණ පිරිමි පුද්ගලයින් වීම ද විශේෂත්වයකි.
ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිවීම, ව්‍යායාම නොකිරීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය වැනි හේතූන් හෘදයාබාධ වැළඳීමට හේතුවන බවට වෛද්‍යවරුන් පෙන්වාදෙති.