පසුගිය 21 වනදා රාත්‍රියේ යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් සිටි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජීවන් තොණ්ඩමන් භාවිතා කළ V8 වර්ගයේ නිල රථය බරපතළ අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඉන්දීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සංගීත ප්‍රසංගය නරඹා එදින රාත්‍රියේම ආපසු කොළඹ බලා යන බව ආරක්ෂක අංශ වෙත දන්වා තිබී ඇතත් ඔහු දින කිහිපයක් යාපනයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇත. එසේ සිටින අතරතුර මෙම රථය යම් කිසි කාරණයක් සඳහා ඇමති ජීවන් තොණ්ඩමන් විසින් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ එය මෙලෙස ලොරි රථයක සහ තාප්පයක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.
මේ වනවිට අනාවරණය වී ඇත්තේ මෙය ඇමති ජීවන් තොණ්ඩමන්ගේ අමාත්‍යාංශයකට අයත් වාහනයක් බවත් කෝටි හයකට වඩා වටිනාකමක් ඇති Toyota V8 වර්ගයේ මෙම රථය යළි භාවිතයට ගත නොහැකි තත්වයකට පත්ව ඇති බවත්ය.
එම ප්‍රසංගය නැරඹීම සඳහා ඇමති ජීවන් තොණ්ඩමන් සහභාගී වී ඇත්තේ තම පුද්ගලික සංචාරයක් ලෙසය.
(Lankatruth.com)