ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති තත්ත්වයක් තුළ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සහ ඉහළ ප්‍රමිතියකින් යුත් රසායනාගාරයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අදාළව සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු 15 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ආචාර්ය අලංකා සිං සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කළ බවත් ය.
එමෙන්ම එවැනි රසායනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා නියමයන් (ToR) සහ පිරිවිතර ලබාදෙන ලෙස තමා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“අපට ශ්‍රී ලංකාවේ එවැනි රසායනාගාරයක් ස්ථාපිත කරන්න පුළුවන් නම්, කලාපයේ අනෙකුත් රටවල් සඳහා පරීක්ෂණ සිදු කිරීමෙන් අපට ආදායමක් උපයා ගන්න පුළුවන්”














































