ක්‍රිකට් පිත්තකින් සහ පිහියකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ සොයුරන් දෙදෙනෙකු නානුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඝාතනයට ලක්වී ඇත්තේ 54 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා බදු පදනම යටතේ ලබා ගත් වෙළෙඳසැල බදු කාලය අවසන් වීමෙන් පසු නැවත භාර නොදීම නිසා උරණ වූ එම වෙළෙඳසැලෙහි හිමිකාර සොහොයුරන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














































