දැනට ගිඟව පවතින පාසල් පෙළ පොත් සියල්ල ලබන මස අවසානයට පෙර , පාසල්වලට ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙවර පෙළ පොත් මිලියන තිස් තුනක් මුද්‍රණය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 16000ක් වැය කර ඇති බවත් , මේ වන විට මුද්‍රණය අවසන් කළ පෙළ පොත් පාසල්වලට බෙදා හැරීම සිඳු කරමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම බස්නාහිර පළාත තුළ පවතින පාසල් සදහා දෙපාර්තමේන්තුව හරහා සෘජුවම පෙළ පොත් බෙදා හැරීම සිඳු කරන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කළ බව සඳහන්.














































