ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
එම කාන්තාව හමාස් සටන්කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලකයි.
ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .