ඊයේ (24) රාත්‍රියේ දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් මංකොල්ලකා ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බවත් , පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව අද (25) උදැසන සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ගොඩනැගිල්ලේ පිටුපස දොර විවෘතකර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දන්වා තිබෙන බවත් ය.
අනතුරුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී බැංකුවේ මුදල් තිබූ සේප්පුව සහ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක යකඩ කම්බි යන්ත්‍රයක් යොදා කපා ඉවත්කර ඇති බව නිරීක්ෂණය වී තිබේ.
ගොඩනැගිල්ලෙන්ම විදුලිය ලබාගෙන යන්ත්‍රයක් ආධාරයෙන් මෙලෙස මුදල් තිබූ සේප්පුව කපා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙන අතර සේප්පුවේ තිබු මුදල කොපමණද යන්න මෙතෙක් ගණන් බලා නොමැති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු දඹුල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.