ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු ව නොමැති බව වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සදහන් කරන්නේ අදාළ විමර්ශන නිසි පරිදි සිදු වනු ඇති බවට අපේක්ෂා කරන බවත් , ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධියේ වංචාව සිදු වී අවසන් වී ඇති නමුත් එහි පරික්ෂණ සිදු වන ආකාරය ගැන යම් ගැටුවක් පවතින බවත් ය.














































