කැනරි දූපත්වලට ආසන්නයෙන් වන අත්ලන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලීමෙන් සංක්‍රමණිකයන් 30කට වැඩි පිරිසක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ගලවා ගැනීමේ සේවකයන් විසින් බාල වයස්කරුවෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 24 දෙනෙකු බේරා ගෙන ඇති බව සඳහන් වේ.
මෙම බෝට්ටුවේ කොපමණ පුද්ගලයින් ප්‍රමාණයක් සිටියේද යන වග නොදන්නා බව ස්පාඤ්ඤ බලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































