හෝමාගම මූලික රෝහලේ වසර 26ක් මෝචරියේ තාක්ෂණික සහයක ලෙස සේවය කළ පුද්ගලයෙක් මෘත දේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි ජයලාල් ලියනආරච්චි නැමැති වයස අවුරුදු 55ක පුද්ගලයෙකි.
ඔහුගේ දේහය ඊයේ (25) දහවල් හෝමාගම මූලික රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් හෙද හෙදියන් හා සුළු සේවකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දේහයට අවසන් ගෞරව දක්වා ඇති බව සදහන්.














































