පසුගිය 13 වනදා රාත්‍රියේ උඩප්පුව කාලි දේවාලය බිඳ එහි තිබූ රන් ආභරණ සොරකම් කළ බව කියන සැකකරුවෙක් සහ ඊට අනුබල දුන් තවත් පුද්ගලයෙක් උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
දේව ප්‍රතිමාවට පළඳවා තිබූ රන් දම්වැලක්ද සොරා ගෙන ගොස් ඇති බව සඳහන් .
අදාළ සොරකම එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියෙහි සටහන් වී තිබී ඇති අතර ඒ ඔස්සේ කරන ලද විමර්ශනයකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොරකමේ සුල මුල දැනගන්නට ලැබී තිබේ.
මෙලෙස සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා රන් ආභරණ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකු සතුව තිබිය දී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































