ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව විගණකාධිපතිවරයා සිදුකළ විශේෂ විගණන වාර්තාවෙන් හෙළි කළ වීසා නිකුත් කිරීම පිළිබඳව කරුණු විමසීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද (26) කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ කොමසාරිස්වරයා හමු වූ බව වාර්තා වේ .
ක්‍රිකට් ආයතනය සිදුකළ තවත් දූෂණ රැසක තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බව ඔහු එහිදී ප්‍රකාශ කරන ලදී.














































