බෝගම්බර බන්ධනාගාර රැඳවියන්ට තාප්පයට උඩින් සූක්ෂම ලෙස දුම්කොළ සැපයූ මුගටියා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තෙල්දෙණිය පොලිස් වසමේ පහළ කොලොංගහ වත්ත හංදිය අසලදී සිදුකළ වැටලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 140ක් සන්තකයේ තබාගෙන සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු වයස අවුරුදු 42ක් වන කෙන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන මුගටියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.
වසර 13ක් බන්ධනාගාරගතව සිට ඇති අතර,පල්ලෙකැලේ (බෝගම්බර )බන්ධනාගාරයේ රැඳවියන් වෙත දුම්කොළ ආදිය තාප්පය මතින් සූක්ෂමව සපයනු ලබන පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.














































