බහින් බස් වීමක් දුර දිග යාම නිසා බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයා වෙත එල්ල කළ පොලු පහරින් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කාලයක පටන් පැවති ඉඩම් ආරවුලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙලෙස වැඩිමහල් සහෝදරයාට පහර දී ඇති බව සඳහන්.පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුරලිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි.
පහර දුන් සැකකරු 52 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙක් වන අතර ඔහුව බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.














































