මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට සැක කටයුතු ලෙස මිය ගොස් සිටි කුඩා දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව ඊයේ (08) පස්වරුවේ බොතල් කටුවක් ඇනී ලේ ගලන තුවාල සහිතව මිය ගොස් සිටිය දී මෙම මළ සිරුර සොයාගෙන තිබෙන බව සඳහන්.
මිය ගිය දරුවාගේ පියා මවගෙන් වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබේ.මෙම දරුවා සිට ඇත්තේ ඔහුගේ ආච්චීගේ සහ සීයාගේ රැකවරණය යටතේ බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 5 යි මාස 6 ක් වයසැති පිරිමි දරුවෙක් වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබේ.එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබේ.














































