ඊයේ (29) රාත්‍රියේ පොතුහැර, ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමියන්ව තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .
64 හැවිරිදි සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී එසේ ඝාතනයට ලක්වී ඇති බව සඳහන් .
මෙම හිමියන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.
මිය ගිය දිනයේ රාත්‍රී කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා යුවළටද නිවසින් පිටව යන ලෙස පවසා හිමියන් විහාරස්ථානයේ සිට තම නිවසට පැමිණ තිබේ.
පොලීසිය පවසන්නේ එදින රාත්‍රියේ හිමිනමගේ ගෙල පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවත් , හිමිනම සමඟ සිටි පුද්ගලයා එම ඝාතනයට සම්බන්ධ බවට පොලීසිය සැක කරන බවත් ය.
සැකකරුවන් කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














































