වසර 50කට පසුව නාසා ආයතනය විසින් සිඳු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කර ඇති අතර එම කණ්ඩායම අතරේ කාන්තාවක් සහ ඇමෙරිකානු කළු ජාතිකයෙක් ඇතුළත් වීම මෙහි විශේෂත්වය බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා වේ.
මොවුන් කණ්ඩායම නාසා ආයතනයේ “ ආටෙමිස් ටූ “ මෙහෙයුම හරහා 2024 වර්ෂයේ දී අග භාගයේ දී සඳ තරණය කිරීමට නියමිත සඳහන්.
1972 වර්ෂයේ මෙහෙයුමෙන් අනතුරුව නාසා ආයතනය විසින් නැවතත් ගගනගාමීන් සඳ මතුපිටට රැගෙන යාම නාසා ආයතනයේ අරමුණ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.















































