අක්කරේපත්තු මුහුදු තීරයේ විශාළ ආලෝකයක් දල්වමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට ඊයේ (16) රාත්‍රියේ නාවික හමුදාවට ලද තොරතුරක් මත එම යාත්‍රාව සොයා නාවික හමුදාව විසින් අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව ත්‍රිකුණාමල නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් යොදා ගෙන නාවික හමුදා සෙබළුන් කිහිප දෙනෙකු එක්ව අදාළ ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු සිදු කරන බව සඳහන් වේ.
නමුත් අදාළ ආලෝකයන් රාත්‍රී 1.00 න් පසුව දක්නට නොලැබුණු බවත් , සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් වාර්තා වේ .














































