සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ 03ක ලේකම්වරුන්ගේ විෂය පථය වෙනස් කිරීම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා විසින් සිදු කර තිබේ.
ඒ අනුව එම අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (02) සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.
පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළ චාමර බමුණුආරච්චි මහතා සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙසද , සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සංජීව ගොඩැල්ලවත්ත මහතා පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද , සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සුජානි විජේතුංග මහත්මිය සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද මෙලෙස විෂය පථය වෙනස් කිරීම සිදු කර තිබේ.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර ලේකම් දර්ශන සමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














































