කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම මාර්ගය පීලි හා සිල්පර කොට දිරාපත් වීම නිසා පූර්ණ වශයෙන් වේග සීමා යොදවා තිබෙන බවට දුම්රිය මාර්ග හා කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.













































