ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ අතර ඔහු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් විය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) මූලස්ථානයේ පැවති සංසදයක දී නිලූක කරුණාරත්න සිය සමුගැනීම නිවේදනය කර තිබේ .













































