නිට්ටඹුව බස් රථ නැවතුම්පොළේ වේලා සටහන්කරුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පහර දුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නිට්ටඹුව ඩිපෝවේ ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්ව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද (31) පෙරවරු 10.00 සිට වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
නිට්ටඹුව නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ලංගම බස් රථ ගාල් කරනු ලබන ස්ථානයේ පුද්ගලික බස් රථ දෙකක් ඊයේ (30) රාත්‍රියේ ගාල් කර තිබිණි. එය දුටු ලංගම බස් රථ වේලා සටහන්කරු විසින් අදාළ පුද්ගලික බස් රථ දෙක ඉවත් කරගන්නා ලෙසට ප්‍රකාශ කළ අවස්ථාවේ එම පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් විසින් මෙම ලංගම බස් රථ වේලා සටහන්කරුට පහර දී තිබේ.
මෙලෙස පහර කෑමට ලක් වූ ලංගම බස් රථ වේලා සටහන්කරු වතුපිටිවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.